Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මැන්වෙස්ටර් ටෙස්ට් තරගය අවලංගු කිරීමේ අවාසිය කාටද

677Views

 

 
 

 

 

ඉන්දියාව හා එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලියේ පස්වන තරඟය පැවැත්වීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් පැන නැගුනේ ඉන්දීය සංචිතයේ සහායක හෞතික චිකිත්සක යෝගේෂ් පර්මාර් හට කොවිඩ් ආසාදනය වීමත් සමඟයි. 

පසුගිය බ්‍රස්පතින්දා තරගය ආරම්භ කිරීමට නියමිතව තිබු අතර තරග ආරම්භයට පැය දෙකකට පෙර බලධාරීන් නිවේදනය කලේ තරගය අවලංගු කරන ලෙසයි එම අවස්ථාව වන විට තරගය දෙකට එකක් ලෙස ඉන්දියාව ජයග්‍රණය කර තිබූ අතර එය එංගලන්ත කණ්ඩායමට අවාසි දායක තත්වයක් විය. ඒ තරගය සම කිරීමට තිබු අවස්ථාවයි. 

තරගයට සියල්ල සුදානම්ව තිබියදී ක්‍රීඩා ලෝලීන් සදහා ප්‍රවේශපත් අසුදහසක් පමණ අලෙවි කර තිබීමද ගැටලුකාරී තතවයකි  ඒ සදහා බලධාරීන් කටයුතු කර තිබුනේ එම මුදල් නැවත ප්‍රවේශපත් ලාභීන්ට ගෙවන ලෙසටයි 

තත්වය එසේ පවතින අතරතුර ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්හට කරන ලද කොවිඩ් පරීක්ෂණ වලින් ඔවුන් ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමඟ තරඟය පැවැත්වීමට තීරණය කර තිබුනත් නැවතත් ඒ සම්බන්ධව අවසන් තීරණය ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡාවක් ආරම්භ වුණා. එහි අවසන් තීරණය වූයේ තරඟය අවලංගු කිරීමයි.