Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ආරක්ෂාකාරීව අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද?

700Views

 

 
 

 

 

අද කියලදෙන්නම් පොඩි දේවල් ටිකක් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරික්ෂකරිව භාවිත කරන විදිය ගැන.

1) පුද්ගලික තොරතුරු කිරීම සීමිතව පල කරන්න.

ඒ කියන්නේ Facebook එකේ profile එක නැත්නම්වෙ නත්  සමාජ මාධ්‍ය update කරද්දී ඔබේ උපන්දිනය ගෙදර ලිපිනය, mobile number එක වගේ දේවල් අනිත් අයට පෙන්න දාන්න එපා. එකේ කිසිම වැදගත්කමක් නැති දෙයක් කියල ඔයාට පෙන්න පුළුවන්. එත් අපි ගොඩක් වෙලාවට email එකක් හෝ වෙනත් account එකක් හදද්දී දාන security questions පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒවගේ අහන්නේ සුරතලාගේ නම, උපන් නගරය, පාසැල වගේ දේවල්. ඒවගේ දාන පිළිතුරු හැමෝටම පෙන්න දාගන්න එකේ අවදානම තේරුම්ගන්න පුළුවන් නේද දැන්?ඔයාගේ account එකක security questions වලට answers ඔයාම ප්‍රසිද්ද කරලා ඉවරයි

2) අනිත් දේ ඔබ download කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

කිසිම වෙලාවක mobile apps, google playstore එකෙන් හෝ apple appstore එකෙන් හැර වෙනත් website වලින් download කරන්න එපා (3rd party). 3rd party app එකක් හැකර් කෙනෙක්ට ඕනෑ විදියට modify කරලා අපේ mobile එක සම්පුර්ණයෙන්ම access ගන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. 
සයිබර් අපරාධකරුවන්ගේ ලොකුම අරමුණ නම් malware, spyware , දත්ත සොරා ගැනීමට භාවිත කරන මෘදුකාංග හෝ යෙදුම් බාගැනීමට (download) ඔබව රැවටීමයි. මේ සදහා ජනප්‍රිය ක්‍රීඩාවක් නැත්නම් තරඟ දිනුම් ඇදීමක් වගේ දේවල් භාවිත කරලා මුලාකිරීමක් කරලා ඔබේ දුරකතනයට මෙමෙ මෘදුකාංග download කරගැනීමට මාර්ගය සලසන්න පුළුවන්. අපිට whatsapp එකේ එන pizzahut එකේ කීල්ස් එකේ මොන හරි දෙයක් වින් කරා කියල එන msg ,coupon codes කියල එන්නෙත් ඔය වගේ ඒවා තමයි.ආයෙත් දෙයක් download කරද්දී හොදට හොයල බලන්න.

3) ශක්තිමත් මුරපද තෝරන්න කලින් කියල දුන්න වගේ ඔයාගේ නම එක්ක 123 (kamal123) වාගේ පාස්වර්ඩ් දාගන්න එපා.facebook එකට email එකට online banking app එකට හැම දේටම එකම පාස්වර්ඩ් එක දාගන්න එපා. එක පාස්වර්ඩ් එකක් හොයාගත්ත කියන්නේ ඔයාගේ අනිත් ඔක්කොම account ටිකත් ලේසියෙන්ම ගන්න පුළුවන්. එකින් එකට වෙනස් පාස්වර්ඩ් භාවිතා කරන්න. සමහර වෙබ් අඩවි පාස්වර්ඩ් එකක් හදන වෙලාවේම Capital + simple + special character + numbers එකතුවක පාස්වර්ඩ් එකක් භාවිතා කරන්න කියනවා. උදාහරණයක් විදියට cHb1%pXAuFP8aZN මේ වාගේ පාස්වර්ඩ් එකක් ගන්න පුළුවන්.

 

සටහන - සඳරුවන් බටගොඩ