පසුගිය දින ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේදී මෙට් ගාලා නම් විලාසිත දැක්ම මෙවරත් පැවත්විය. එහිදී සුපිරි හොලිවුඩ් නළු නිලියන් රැසක් ලෝක ප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පීන් අතින් නිම වූ ඇදුම් වලින් සරසී සිටි අතර එහි වඩාත් කතා බහට ලක් වූ මෝස්තරයක් වුයේ ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වූ රියැලිටි සහ සමාජ මාධ්‍ය තාරකාවක් වන කිම් කාඩෑෂියන් ගේ ඇදුම් විලාසිතාවයි.
මුහුණක් නැති කළු ටී ෂර්ට් ඇඳුමකින් නිම මෙම විලාසිතාව මෙට් ගාලා උත්සවයේ අනපේක්ෂිතම විලාසිතාව විය.