Tuesday, December 6, 2022
/ - General line - 0115112241 | - [email protected]

විශ්ව බලයෙන් නැති වුණ රත්තරන් සහ මුදල්

1638Views

 

 
 

 

 

විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි ප්‍රකාශ කරමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් රවටා රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරුකු බව කියා ගත් පුද්ගලයකු පන්නිපිටිය ඇරැව්වල දි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.

තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකු මිතුරකු මාර්ගයෙන් මෙම වංචාකාරී පුද්ගලයා හඳුනාගෙන තිබෙන අතර රෝගීව සිටින ව්‍යාපාරික පියාව සුවපත් කිරීමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දේවාලය කරා මිතුරා හා මව සමග මීට මාස කීපයකට පෙර ගොස් තිබූ බව වාර්තා වෙයි.

එම අවස්ථාවෙි ශාන්තිකර්මය කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරික නිවැසියන් ඒ මොහොතේම රුපියල් 58,000 ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබු බව පොලිසිය කියයි.

ඉකුත් මැයි මස 22 දින ශාන්තිකර්මය කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඩ වන බව කියන ඔහුගේ නැගණිය ,ඇතුළු මව හා පියා ද සමග හෝකන්දර නිවසට ගොස් මෙම වංචාව සිදු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.


අනුරංග