විදේශයන්හි සිට පැමිණෙන බෞද්ධ වන්දනා කරුවන්ගේ ගුවන් ගමන් අවශ්‍යතා පහසු කරවීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැගෙනහිර උත්තර් ප්‍රදේශ් හි පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළේය.
ලොව පුරා සිටින බෞද්ධයින්ට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ ස්ථානය නැරඹීම සඳහා ඇති පහසුකම අවධාරණය කරමින් මංගල ගුවන් යානය ශ්‍රී ලංකාවේ කොළඹ සිට සම්භාවනීය අමුත්තන් සහ භික්ෂූන් වහන්සේලා රැගෙන ගුවන් තොටුපළට ළඟා වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. කුෂිනාගර් වෙත ගොඩබසින ලද ශ්‍රී ලංකා ගුවන් යානය සහ දූත පිරිස සාදරයෙන් පිළිගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ “කුෂිනගර් නගරය සංවර්ධනය කිරීම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ මෙන්ම මධ්‍යම රජයන්හි ද ප්‍රධානතම ප්‍රමුඛතාවයන්ගෙන් එකක්” බවයි.
කුෂිනගර් යනු ගෞතම බුදුන් වහන්සේගේ මහාපරිනිර්වාණය සිදු වු ජාත්‍යන්තර බෞද්ධ වන්දනා මධ්‍යස්ථානයකි. ලුම්බිණි, සාරානාත් සහ ගයා යන වන්දනා ස්ථාන වලින් සමන්විත බෞද්ධ චාරිකා ප්‍රදේශයේ කේන්ද්‍රස්ථානය ද එයයි.
කුෂිනාගර් වෙත දෙස් විදෙස් බුදු දහමේ අනුගාමිකයින් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ගුවන් තොටුපල උපකාරී වන අතර බෞද්ධ තේමාව පදනම් කරගත් චාරිකා ප්‍රදේශය වැඩි දියුණු කිරීමට ද එය උපකාරී වේ.
මෙම ගුවන් තොටුපල සමඟ බෞද්ධ චාරිකා ප්‍රදේශයේ ලුම්බිණි, බුද්ධගයාව, සාරානාත්, කුෂිනාගර්, ශ්‍රාවස්ති, රාජගිර්, සංකිසා සහ වෛශාලි යන ගුවන් මගීන්ගේ සංචාරය අඩු කාලයක් තුළ ආවරණය කෙරේ.
කුෂිනගර් ගුවන් තොටුපල ආරම්භ කිරීමත් සමඟම කලාපයේ විවිධ බෞද්ධ සිද්ධස්ථාන වෙත බාධාවකින් තොරව සම්බන්ධතා ලබා දීමෙන් ලොව පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බෞද්ධ සැදැහැතියන්ට පහසුකම් සැලසේ.
දකුණු ආසියානු රටවල් සමඟ සෘජු ගුවන් සේවා සම්බන්ධතාවය තුළින් ශ්‍රී ලංකාව, ජපානය, තායිවානය, දකුණු කොරියාව, චීනය, තායිලන්තය, වියට්නාමය සහ සිංගප්පූරුව යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට කුෂිනාගර් වෙත පැමිණීමට සහ කලාපයේ පොහොසත් උරුමයන් අත්විඳීමට පහසු වේ.
ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව, ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සංචාරක ප්‍රවාහය 20% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්දනා ස්ථානය ගෝලීය ගුවන් සිතියමට ඇතුළත් කරනවා පමණක් නොව කලාපයේ ආර්ථික සංවර්‍ධනයට ශක්තියක් වේ. එය හෝටල් ව්‍යාපාර, සංචාරක නියෝජිතායතන සහ ආපනශාලා ප්‍රවර්‍ධනය කිරීම තුළින් ආගන්තුක සත්කාර කර්මාන්තයට ගුණදායක බලපෑමක් ඇති කරන බව අමාත්‍යාංශය පවසයි.
පෝෂක ප්‍රවාහන සේවා, දේශීය මාර්ගෝපදේශක රැකියා සඳහා ඇති අතිවිශාල අවස්ථාවන් විවෘත කිරීමෙන් එමඟින් දේශීය ජනතාවට රැකියා උත්පාදනය වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා ගෝලීය පිළිගැනීමක් ලැබෙනු ඇත. එය සංස්කෘතික දැනුවත්භාවය ප්‍රවර්‍ධනය කරන අතර දේශීය සංස්කෘතිය හා සම්ප්‍රදායන් සුරැකීමට ද උපකාරී වේ.
කුෂිනගර් හි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම කුෂිනගර් බෞද්ධ වන්දනා කිරීමේ ප්‍රධාන ස්ථාන හතරෙන් එකක් ලෙස දියුණු කිරීමට උපකාරී වන බව අමාත්‍යාංශය පවසයි.
එය බෞද්ධ චාරිකා ප්‍රදේශයේ කොටසක් ලෙස කුෂිනාගර්ට හිමි විය යුතු ප්‍රමුඛස්ථානය ලබා දීමට උපකාරී වේ. තවද, එය ඉන්දියාව මුල් බෞද්ධ මධ්‍යස්ථානය ලෙස දියුණු කිරීමට සහ බුදු දහමේ පරමාර්ථ ලොව පුරා ව්‍යාප්ත කිරීමට හේතු වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.