Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"රුසියා යුක්රේන ගැටුමේ උග්‍ර විය හැකි තත්ත්වයක් පිළිබඳ අප බිය විය යුතුයි" ට්‍රම්ප් කියයි

2183Views

 

 
 

 

 

 

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයේ උග්‍ර විය හැකි තත්ත්වය පිළිබඳ සිය භීතිය මතුකළ අතර, රුසියාව සිය අසල්වැසියා සමග පවතින ගැටුම මධ්‍යයේ එක්සත් ජනපදයේ හැසිරීම හෙළා දැක තිබෙනවා.
  
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් වෙත දෝෂාරෝපණය කරමින්, එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තම රට ඉදිරියට ගෙනයන අදක්ෂ මිනිසුන් නිසා ඇමෙරිකානුවන්ට බියෙන් ජීවත්වීමට සිදුව ඇති බවයි.

රුසියාව සැබවින්ම න්‍යෂ්ටික බලවතෙකු බවත් මොස්කව් වෙතින් ආක්‍රමණශීලීත්වය වළක්වන න්‍යෂ්ටික හැකියාවන් ඇමෙරිකාවට තිබුණද, වත්මන් ආතතීන් සැලකිල්ලට ගැනීමේදී ලෝක යුද්ධයක් ඇති වීමට අවස්ථාවක් ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් බයිඩන් පාලනය ගණනකට නොගන්නා බව පැවසූ ට්‍රම්ප්, එක්සත් ජනපදය කිසි දිනෙක දැන් තත්ත්වයට වඩා පහත් තැනක සිටියේ නැතැයි සඳහන් කර තිබෙන්නේ.

ඇමරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට (FAS) අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 5,428ක් ඇස්තමේන්තු කර ඇති අතර, රුසියාවට ඇමෙරිකාවට වඩා න්‍යෂ්ටික අවි 5,977ක් ඇති බව FAS මෙම වසර මුලදී තක්සේරු කර තිබෙනවා.