පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ ඊයේ (24දා) සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයකදී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විම දුරදිග යාමෙන් කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් තුවාල වු අයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා.
ලෝක කාන්තා දිනයට සමගාමිව කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් හා අධ්‍යපාන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත හා පානීය හා ප්‍රදේශීය ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙල්ලකන්දල් වැව් ඉස්මත්තේ සංවිධානය කර තිබු සැමරුම් උත්සවයක ආරම්භයට පෙර මෙම ගැටුම හට ගෙන තිබුණි.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රි නිමල් බමුණුආරච්චි මහතා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එම උත්සවය පැවති ස්ථානය අසල පිහිටි හෝටලයක් තුළ මෙම දේශපාලනය ප්‍රශ්නයක් මුල් කරගනිමින් බහින් බස් විමක් සිදුව ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.
එම සිද්ධියට මුල් වු පුද්ගලයින් දෙදෙනෙකු අදාල ස්ථානයට පැමිණ කාන්තා සැමරුම් උත්සවයට එක්ව සිටි පිරිස් සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව මාර්ගයේ දර පටවාගෙන ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක් නවතා එහි තිබු කැත්තක් රුගෙන විත් කඩා පැන එහි සිටි පිරිසට කැති ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
පසුව කැත්ත අත වු පුද්ගලයා එම ස්ථානයේ සිටි පිරිස පසු පස එලවමින් ඇති බවත් එයින් බේරිමට එම ස්ථානයෙ සිටි වසම් භාර ග්‍රාම නිළධාරිවරිය ඇතුළු කාන්තාවන් සීසිකඩ දිව ගොස් සැගවි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.
මෙම ස්ථානයේ සිටි පිරිස් පවසන්නේ මෙම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් මෙම කැති ප්‍රහාරය එල්ල කල සැකකරුවන්ට නිසි ලෙස නීතිය ක්‍රීයාත්මක විමක් සිදුව නැති බවය.
කෙසේ නමුත් පසුව එම ස්ථානයේ සිටි පිරිස එක්වි කැත්ත අත වු පුද්ගලයා මෙල්ල කර කැත්ත ලබා ගෙන ඇති බවද කියයි.
මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති තුවාල කරුගේ කැත්තෙන් කැපිමට අමතරව සිරුර පුරා සපා කෑම් තුවාල ඇති බවත් රෝහල් බළධාරියකු පවසන්නට විය.
කැති ප්‍රහාරයට ලක්වු තැනැත්තා කැපුම් තුවාල ලබා සිටියදි තමන්ට ප්‍රහාරය එල්ල කල පුද්ගලයා සමග පොර බැදිමේදි එම සැකකරු මෙම තුවාල කරු සපා කෑම සිදුව ඇති බව කියයි.
සිද්ධියෙන් පසුව අදාල කාන්තා සැමරුම් උත්සවය රාත්‍රි 9 වන තුරු පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්විම සිදුව තිබුණි.
සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා රාත්‍රියේම පුත්තලම මුලස්ථාන පොලිසියෙ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර අද(25දා) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.