Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දියාව ඉන්දීය ක්‍රීඩකයන් ගැන සිතා ෆිට්නස් ටෙස්ට් ඉවත්කිරීමට සැරසෙයි (PHOTOS)

5062Views

 

 
 

 

 

 


ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකම පාහේ මේ වනවිට ක්‍රිඩකයින් තෝරා ගැනීමේදි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය යොදා ගන්නා අතර ඊට කදිම උදාහරණයක් ලෙස ඉන්දියාවේ පැවැත්වෙන Yo-Yo පරීක්ෂණය හැඳින්විය හැකිය.

මේ වන විට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හෙවත් ෆිට්නස් ටෙස්ට් සෑම ක්‍රීඩාවකට ම අදාළව ක්‍රියාත්මක කරන අතර  එහිදී අවසන් කණ්ඩායම් තෝරාගැනීම සඳහා ශාරීරික යෝග්යතා ලකුණු එක බලපානු ලබනවා.

ඇතැම් රටවල් මෙයින් ඉතා ඉහළ මට්ටමේ ප්‍රයෝජන ලබා ගන්නා අතර තවත් රටවල් මෙය නිසි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් සිය අනාගත ක්‍රිකට් තරු වලපල්ලට යවමින් සිටිනවා.

කෙසේ නමුත් එය අනුකරණය කිරීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි ආයතන එහි මූලික අර්ථය පමණක් උපුටා ගෙන ඇති අතර සෑම ක්‍රීඩකයෙකුට ම එකම යෝග්‍යතා පරීක්ෂණ මට්ටම් ලබාදීම නිසා භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වන Yo-Yo පරීක්ෂණය ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යයට හිතකර නොවන නිසාත් එමඟින් අනවශ්‍ය පීඩනයක් එල්ල විය හැකි නිසාත් ඉන්දිය ක්‍රිකට් ආයතනය විසින් නැවත එම යෝග්‍යතා පරීක්ෂණය සිදු නොකරනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පිළිබඳව ANY පුවත් සේවය තැබූ සටහන පහතින්