ගෝල්ෆේස් තනිනොකරමු යන තේමාව යටතේ ගාල්ල ගෝටාගෝගම සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු ලබාදීමට ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට පොරොන්දු වී තිබේ.
ගාල්ල තරුණයින් සිවිල් ක්‍රියාකාරින් වෘත්තිකයින් ඇතුළු පිරිසක් විසින් මෙම අඛන්ඩ විරෝධතාව ආරම්භ කරණු ලැබිය.
ගාල්ලේ පාසල් දෙකක් අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කරගන්නා ලෙස පොලිසිය විරෝධතාකරුවන්ට පවසා ඇත.
එහෙත් විරෝධතාකරුවන්ගෙන් ඊට විරෝධය පලකිරීම නිසා පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කළේය.
අරගලකරුවන් සහ නීතිඥයන් පිරිසක් අද පොලිසියට ගොස් පොලිසිය සමඟ සාකච්ඡා කළ අතර පොලිසිය කරන ලද ක්‍රියාව පුරවැසියන්ගේ අයිතියට එරෙහි දෙයක් බවත් මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥවරු 12ක පමණ පිරිසක් පෙන්වා දුන්හ.
පොලිසිය එම කූඩාරම ගලවා ඇත්තේ එයට එරෙහිව පැමිණිල්ලක් හෝ නොතිබියදී ය.
පොලිසිය විසින් ම එවැන්නක් කළ යුතුයැයි තීරණය කර තිබූ බව නීතිඥවරු කියති. කෙසේ වෙතත් මේ සම්බන්ධ නීතිඥවරු කණ්ඩායම සහ පොලිසිය අතර සාකච්ඡාවෙන් පසු උද්ඝෝෂකයන්ට සාමකාමීව විරෝධතාව දිගටම පවත්වාගෙන යන ලෙස පොලිිසිය දැනුම් දුන් අතර මාර්ග අවහිර නොකරන ලෙස ද අවවාද කෙරිණි.
ගලවාගෙන ගිය කූඩාරම නැවත ආපසු ලබා දීමට ද පොලිසිය එකඟ වී තිබේ.