Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

හිටපු ඇමතිවරුන් දෙදෙනකුගේ උවමනාවට රට අරාජික කිරීමේ සැලසුමක්

4887Views

 

 
 

 

 

 

පවතින දේශපාලන අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීම සඳහා දේශපාලඥයින් දෙදෙනකුගේ මැදිහත් වීමෙන් අලුත් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

දීර්ඝ කාලයක් පුරා ගැටලු සහගත තත්ත්වයේ පසුවන විදුලිබල සහ බලශක්ති කේෂ්ත්‍රයන් තුල නැවත වතාවක් අර්බුදයක් මතු කිරීම මොවුන්ගේ සැලසුම වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරුන් දෙපළක් වන බැසිල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඒ අනුව විදුලිබල සහ බලශක්ති යන අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් මාරු කිරිමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කිරිමට බැසිල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කර ඇත.

මේ වන විට රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනව විදුලිය සහ ඉන්ධන ක්‍රමවත්ව සැපයීමේ අභියෝගයට පිළිතුරු සෙවීමේදී නව අමාත්‍යවරයාගේ සහය සඳහා කේෂ්ත්‍රය ගැන දැනීමක් ඇති ලේකම්වරුන් සිටිය යුතුය.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක දේශපලාඥයින් දෙදෙනෙකුගේ අභිමතය පරිදි ගන්නා මෙවැනි තීන්දු තීරණ හරහා රටේ ජනතාව කබලෙන් ළිපට වැටෙනවා නොවේද ?