Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

මහා සංඝරත්නය කැඳවු සාකච්ඡාවට පොහොට්ටුව නොයයි : අර්බුධයට විසඳුම් සිහිනයක් වෙන ලකුණු

1400Views

 

 
 

 

 

 

පවතින අර්බුදයට විසඳුමක් ලෙස අන්තර්  කාලීන පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී සාධනීය ප්‍රවේශයකට පැමිණීමට හැකිවූව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු එම අවස්ථාවට එක්නොවිම  කණගාටුදායක බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

සාකච්ජාවෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ අග්‍රාමාත්‍ය තනතුර සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණ සිටින බැවින් එම සාකච්ජාවට පැමිණීම තමන්ට අදාළ නොවන බවයි.
 
" හැබැයි එතන අවාසනාවන්ත සිදුවීම තමයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසිකෙනෙක් හිටියේ නෑ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පොදුජන පෙරමුන පක්ෂයේ  ජි එල් පිරිස් මැතිතුමන්ට  ආරාධනා කරා. ආරාධනා කරනකොට එතුමා කිවුවාඅපි අග්‍රාමාත්‍ය පදවිය පිළිබද ස්ථිර තීරණයකට ඇවිල්ලා තියනවා.අග්‍රාමාත්‍ය පදවිය වෙනස් වෙන්නේ නෑ , එනිසා ඔතන ඔය සාකච්චාව අපට අදාළ වෙන්නේ නෑ ,එනිසා එන්නේ නෑ  කියලා. ඉතින් මම කිවුවා තමන්ගේ කණ්ඩායමේ කට්ටිය කතාකරන දේට අමතරව රටේ කියනදේ විශේෂයෙන්ම මහාසංඝයාවහන්සේ ,ආගමික නායකයන් කියන කතන්දරේ අහන්න ඔබතුමන්ලා කාරුණික වෙන්න එපැයි. ඔබතුමන්ලා මධ්‍යස්ත වෙන්න එපැයි එනිසා ඔබතුමන්ලා කරුණාකරලා එන්න සාකච්ජාවට කියලා. ඉතින් එතුමා අවේ නෑ . එකෙන් පේනවා ආණ්ඩු පක්ෂයේ ඇත්තෝ ආගමික නායකයන්ගේ අදහසකටවත් නම්‍යශිලි නෑ  කියන එක " වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියා.

රට මේ වන විට පවතින අර්බුධකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට රජයේ වගකීම වුවද ඔවුන් මේ දක්වා ගනු ලබන දරදඬු තීරණ හේතුවෙන් පවතින අර්බුධකාරී තත්ත්වය සමනයට පත්වෙවිදැයි යන ගැටලුව මේ වන විට දිනෙන් දින මතුවෙමින් පවතිනවා.

විශේෂයෙන් සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ගනිමින් බලයට පැමිණි වත්මන් රජය මේ වන විට මහා සංඝරත්නයේ අදහස් වලට ගරු නොකරන තැනට පත්වී සිටීම ඉතා කණගාටුදායක වන අතර බල ලෝභිත්වය මත සියල්ල තීන්දු කිරීමට යාමෙන් තවත් ආගාධයට ලක්වන්නේ මේ රට බවට කිසිදු දෙශාපලඥයෙකු සිහි බුද්ධියෙන් යුතුව විමසා බලන්නේ ද යන කරුණ මතුව තිබේ.

ඒ බැවින් සිදුකළ යුත්තේ කුමක්ද ? තීරණය රට කරවන තැනට පුද්ගලයින් පත් කරන ජනතා පරමාධිපත්‍යයට භාරය.