රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පමණක් නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැයි දින සැමරුම වෙනුවෙන් පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ
"අද අපි මීට පෙර නොතිබුණු ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුහුණ දීලා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටිලා. රැකියා ගණනාවක් නැතිවෙලා තියෙනවා සේවක පන්තියේ. තවත් රැකියා ලක්ෂ ගණනක් නැති වෙන්න පුළුවන්. අද අපේ බැංකුවල තැන්පත් ගිණුම් තියෙනවා නම්, විශ්‍රාම ගත්තහම ආදායමක් අරගන්න ඒකෙ වටිනාකම 50%යි. ETF තියෙනවා නම් ඒකෙ වටිනාකම 50%යි. ශ්‍රී ලංකාව අරාජිකයි. විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. හැමතැනම උද්ඝෝෂණ. සටන් පාඨ දෙකයි තියෙන්නේ. ගෝඨා ගෙදර යන්න. රාජපක්ෂවරු ගෙදර යන්න. ආණ්ඩුව ඇතුළේ දැන් කඩා වැටිලා. ඒ් සහෝදරයෝ ඇතුළත් දැන් ඝට්ඨන තියෙනවා. එදා 19 න් ජනාධිපතිවරණයෙන් ලැබුණ වරමත් 2020 පාර්ලිමේන්තුවෙන් ලැබුණ වරමත් දැන් අහෝසි වෙලා තියෙනවා. ආණ්ඩුවේ සමහරු කියනවා දෙන්නම ඉන්න ඔ්නේ කියලා. අනිත් අය කියනවා අගමැති යන්න ඔ්නේ ජනාධිපති ඉන්න ඔ්නේ කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා 20 වෙනුවට 21 වන සංශෝධනය ඉදිරිපත් කරන්න. මම 20 වන සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වන සංශෝධනයෙන් විධායක ජනාධිතිගේ බලතල නැති කරලා, 19ට එනවා නම් අපි ඒක අම්බලමක් විදියට පිළිගමු. 21 වන සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නෑ. අපේ ප්‍රමුඛතාවය දෙන්න ඔ්නේ ආර්ථික ප්‍රශ්න ඳවිසන්න. මේ අර්බුදයට ඳවිසුම් උවමනායි. මම කියනවා මේක ඳවිසන්න පුළුවන් කියලා." බවයි