එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කොළඹ ගෝල්ෆේස් පිටියේ මෙන් 'ගෝඨාගෝගමක්' ස්ථාපිත කර තිබේ..
ජනපති, අගැමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම ගෝඨාගෝගම ලන්ඩන් නුවර විවෘත කර තිබෙනවා.
ලන්ඩනයේ පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට වෙස්ට්මිනිස්ටර් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙම ගෝඨගෝගම ලන්ඩන් ශාඛාව එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඊයේ (30) විවෘත කර තිබෙනවා.
අද, එක්සත් රාජධානියේ සිටින නිර්පාක්ෂික ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික පසුබෑමට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවයක් ලන්ඩන් වේලාවෙන් අද පස්වරු 2 ට ගොටගෝගම ලන්ඩන් ශාඛා පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
සති තුනක කාලයක් කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන දැවැන්ත විරෝධතාවට සමගාමීව රටේ තත්ත්වය ලොව පුරා ප්‍රචාරය කිරීම තම අරමුණ බව එහි සංවිධායකයෙක් මාධ්‍යට පවසා තිබෙනවා.
සමාජ මාධ්‍ය තුල පළවූ එම ගෝඨාගෝගම පිංතුරයක් පහතින්.
Sri Lankans in #UK has opened a #GotaGoGama #London branch at the Parliament Square in #London
— Ishara Danasekara (@IsharaDanasekar) April 30, 2022
via Dr. Piyal Perera #LKA #EconomicCrisisLK pic.twitter.com/k3vDC55Poq