සිය ගෙවීම් ඉහළ නංවන ලෙස බලකරමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට කටයුතු කළේය. මේ හේතුවෙන් කොළොන්නාව නිමාවේ අද ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික බවුසර් රථ දක්නට ලැබුණේ නැත.
මුතුරාජවෙල ඛනිජතෙල් පර්යන්තයේද අද (01) තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුනොකෙරුණු අතර ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වූ ඇතැම් බවුසර් රථහිමියන් බවුසර් පර්යන්තයෙහි නවතා එහි එන්ජිම් රැගෙන ගොස් තිබුණි.
ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනය හේතුවෙන් අද බොහෝ ඉන්ධන අලෙවි සැල් වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනයට සහය පළ කරමින් IOC ඉන්ධන පිරවුම්හල්ද වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණි.
අසාමාන්‍ය ලෙස ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව තම ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට රජය පියවර නොගතහොත් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව වර්ජකයින් පවසයි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයේ, සමලේකම්, ඩී.වී ශාන්ත සිල්වා මහතා පවසා සිටියේ,
"ඉන්ධන මිල වැඩිවීමත් සමග අපගේ ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ මිල සුත්‍රයක් තියෙනවා. ඒ අනුව මෙය ක්‍රියාත්මක කරන්න. මෙවර අසාමාන්‍ය ලෙස වැඩිවුණා. ඒ එක්කම වාහන අමතර කොටස් 300%කින් විතර වැඩිවුණා. අපිට දරා ගන්න බැරි තත්ත්වයක් මේ තියෙන්නේ. අපිට නිසි ප්‍රවාහන ගාස්තුවක් නොලැබුණොත් අපි මේක දිගටම ගෙනියනවා." යනුවෙනි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණේ, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සියලුම සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන බවය.
මේ අතර ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ඒ අනුව නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ පහත පරිදිය.
01 ග්‍රාමීය ඉන්ධන ගබඩා වෙත ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදුකිරීම සියයට 40 සිට සියයට 100ක් දක්වා ඉහළ නැංවීම.
02 නව බලපත්‍ර ලබාදීම මාසයක කාලයක සිට සතියක කාලයක් දක්වා අඩු කිරීම
03 ඉන්ධන හල් හිමියන්ට අයිති බවුසර් වෙත ඉන්ධන ලබාදිම සඳහා වෙනමම මාර් ගයක්
04 ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ප්‍රවාහන කරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීම හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම සේවයට වාර්ත කරන අයට බලපෑම් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
05 රජයට අයිති බවුසර මගින් කරන මෙහෙයුම් වර්ධනය කිරීම
06 ඉල්ලුම් කළමණාකරනය කිරීම වෙනුවෙන් පැය 24 පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම