Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

දේශපාලකයන්ට දොරටු වැසූ මල්වතු මහා නා හිමියෝ ගෝල්ෆේස් අරගලකරුවන්ට විහාරයේ දොරටු විවර කරයි

2089Views

 

 
 

 

 

 

ප්‍රශ්නය විසඳනතුරු කිසිම දේශපාලකයෙක් බැහැ දැකීම, අනුශාසනා කිරීම, පඬුරු පිලිගැනීම වාරණය කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ අද ගෝල්ෆේස් බිමේ තරුණ අරගලකරුවන් පිරිසකට මහා විහාරයේ දොරටු විවර කර තිබෙනවා.

ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරන නියෝජිතයින් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ සිටි අතර ඉන් මල්වතු මහානායක හිමිපාණන් බැහැදැකීමට පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට අවසර ලැබී තිබෙනවා.

එහිදී එම නියෝජිත කණ්ඩායම පවසා සිටියේ  “ඔබවහන්සේ බැහැ දකින්නට අපි පුද්ගලික අරමුණකට නොවෙයි. මේ රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් අරගල කරන ලංකාවෙ තරුණ පිරිස නියෝජනය කරලා ඔබ වහන්සේට සන්දේශයක් පිළිගන්වන්න.“

“ මහානායක හාමදුරුවනේ. ඔබවහන්සේට නමස්කාරපූර්වකව ස්තුතිවන්ත වෙනව. ලංකා ඉතිහාසයේ තීරණාත්මක තීන්දුවක් ඔබවහන්සෙ ගත්තේ. දේශපාලකයන්ට මේ ස්ථානයට පැමිණෙන්න එපා කියපු එක අප සලකන්නෙ ජනතාව විදිහට අප ලබපු ජයග්‍රහණයක් විදිහට. පාද නමස්කාරපූර්වකව නැවතත් ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා. එය පොදු ජනතාව වෙනුවෙන් කරන මෙම අරගලයට කළ ආශීර්වාදයක්.“

“ ‍මෙච්චරකල් ජනතාව අතර හිටපු තරුණයන්ගෙ හඬ දේශපාලකයින් ප්‍රයෝජන ගත්තා මිසක් අපට අවස්ථාවක් දුන්නෙ නෑ. රාජපක්ෂ පවුලම ලංකාවේ බුදු දහම දේශපාලනීකරණය කරපු එකමයි වුනේ. එය වළක්වන්න කියලා ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. “

“අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මේ පාලකයින්ට පණිවිඩයක් දෙන්න පුලුවන් එක මාර්ගයක් ලෙස මහා විහාරයෙන් දීලා තියන ගරු නම්බුනාම නැවත ඔබ වහන්සේලා ඉල්ලා ගන්න… මහා නායක හාමුදුරුවනේ. එය ගෞරවණීය ආයාචනයක් අපි කරන. ඔබවහන්සේගෙන් අපි ඉල්ලන්නෙ මේ පිරිස තව දුරටත් පාලකයො විදිහට ජනතාව රවට්ටමින් පුද්ගලික උවමනාවන් වනුවෙන් මේ රටේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වළක්වන ලෙස., මේ අයට සංඝ ආඥාවක් නිකුත් කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.“

“හැමදාම අපේ රට අමාරුවට වැටුණු වෙලාවට සංඝරත්නය පෙරට ඇවිත් ඍජු තීරණ ගත්තා. උජුපටිපන්න ගුණය අපි හැම තිස්සේම දැක්කා. ඒ ගුණය මේ රට ජාතිය ආරක්ෂා කළා. අරගලයේ ඉන්න තරුණ පිරිසක් විදිහට අප ඉල්ලනවා ඔබවහන්සේලා එහි පෙරගමන්කරුවො ලෙස අපට සහාය දෙන්න කියලා.“

“එකම එක පැහැදිලි කිරීමක් කරන්න ඕන අපේ හාමුදුරුවනේ. අපි දැක්කා සමහර වෙලාවල්වල දි මේක බෞද්ධ විරෝධී අරගලයක් ද කියන කතාව. එය සම්පූර්ණ බොරුවක්. හැම ආගමකම කට්ටියම බොහොම එකමුතු හැඟීමෙන් එතන ඉන්නවා. පාලකයන්ට ලේසියි අපව බෙදුවට පස්සේ. මේ බෙදීමට තවදුරටත් අප ඉඩ නොතියා ඉන්න අපට අශීර්වාද කරන්න.“

එහිදී මහා නායක හිමියෝ මෙසේ කීහ.

“ප්‍රශ්නය විසඳෙන තුරු එන්න එපා කියලායි කිව්වෙ . ප්‍රශ්නය අපි විසඳා ගත යුතුයි “

“භේද කරන්න එහෙම දේවල් කරනවා. එතන එකමුතු වෙච්චි තැනක්“