Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

අගමැති රනිල්ට අභියෝගයක්

1524Views

 

 
 

 

 

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන කාර්යයක් වියයුත්තේ ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයින් නීතිය හමුවට ගෙනඒම බව කොළඹ තරුණ බෞද්ධ සංගමය පවසයි.

ඒ අනුව, ගාලු මුවදොර අරගලකරුවන්ට නින්දිත අයුරින් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් දේශපාලන බලවතුන් සහ එයට සහභාගීවූවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවේ ඉදිරිපත් කිරීම සිදුවිය යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා සහ එහි නියෝජිතයින් පිරිසක් අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසීය.

කුමණ පෙරළියක් ඇතිවුවත් සදාචාරවත් සහ නීතිගරුක සමාජයක් ඇති කිරීමට තිබෙන කැපවීම නව පාලකයින් විසින් පෙන්නුම් කළයුතු බව ඔවුන් අවධාරණය කරයි.