ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි, 90 වැනි ශ්‍රීමත් ජෝන්
ටාරබට් මළල ක්‍රීඩා ශූරතාවලිය සිය අනුග්‍රාහකත්වය තුළින් බලගැන්වීමට යළිත් ඉදිරිපත්ව සිටි. ක්‍රීඩාවේ ප්‍රමිතින් ඉහළ නැංවීම මෙන්ම නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සැපයීම රිට්ස්බරි අනුග්‍රාහකත්වයේ ප්‍රධාන අරමුණ වේ.
මෙරට පැරණි නම් අන්තර් පාසැල් මළල ක්‍රීඩා තරඟාවලිය වන රිටර්ස්බරි ශ්‍රීමත්
ජෝන් ටාර්බට් ශූරතාවලිය සඳහා සීබීඑල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් සමාගමේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි අනුග්‍රාහකත්වය ලබා දෙන දසවන වසර
මෙයයි. මෙම ක්‍රීඩා ශූරතාවලිය මඟින් දේශීය හා විදේශීය තලයේ සුපිරි ක්‍රීඩා තරු
රැසක් බිහි කිරීම සඳහා සුවිශේෂ මෙහෙයක් සිදුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල අනුග්‍රාහකයකු ලෙස කීර්තියට පත්ව ඇති
රිට්ස්බරි මෙවර ශ්‍රීමත් ජෝන් ටාර්බට් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරතාවලින් දෙකම
සඳහා සිය නොමසුරු දායකත්වය ලබා දෙයි.
මෙම ශූරතාවලින් දෙකට ම පාසැල් 300 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
18000 ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තරඟාවලියේ තරඟ ,කලාප මට්ටමින් පහත පරිදි පැවැත්වීමට නියමිත යි.
*1 වැනි කලාප තරඟ - අගෝස්තු 30 සහ 31 අනුරාධපුරයේ දී
2වැනි කලාප තරඟ - සැප්තැම්බර් 22 සහ 23 ඇඹිලිපිටියේ දී
3 වැනි කලාප තරඟ-සැප්තැම්බර් 29, 30 සහ ඔක්තෝම්බර් 01 බණ්ඩාරගමදී.
කනිෂ්ඨ ශූරතාවලියේ අවසන් තරඟ 12, 13, 14 සහ 15 න් පහළ යන වයස් කාණ්ඩ
යටතේ පැවැත්වෙන අතර කලාප තරඟ වලදී සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට සහභාගී වීමට වරම් ලබති.
මෙවර රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මළල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ ශූරතාවලිය
සැප්තැම්බර් 13 සිට 16 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී
පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී වයස අවුරුදු 16.18 සහ 20 න් පහළ යන
කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරඟ වදිති.