Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඔබට සතුටුද දැන් ? පාකිස්තානු ක්‍රිකට් සභාපති ඉන්දියාවෙන් අසයි (VIDEO)

13513Views

 

 
 

 

 

ආසියානු කුසලානයේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කිරිමෙන් පසුව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසල සිදුවූ අපුරූ සිදුවීමක් ගැන මෙසේ වාර්තා පලව තිබෙනවා.

තරගය අවසන් වීමෙන් පසු ක්‍රීඩාංගනයෙන් පිටතට යාමට පැමිණි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමිස් රාජා ගෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ප්‍රශ්න අසනු ලැබුවා.

ඒ පැවති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල දැක්වූ දක්ෂතාවයන් සම්බන්ධයෙන්. එහිදී පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තරගයේ දී ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියවු දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කළ බවයි.

පාකිස්ථාන ක්‍රීඩකයින් ගේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදී ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු කිහිපයක් පාකිස්ථාන පන්දු රකින්නන් අතින් ගිලිහි යාම සහ භානුක රාජපක්ෂ සහ වනිදු හසරංග ගේ ඉනිම බිඳ හෙලීමට නොහැකිවීම තරගයේ වාසිය පාකිස්ථාන කණ්ඩායමෙන් ගිලිහි යාමට බලපෑ ප්‍රධාන කරුණක් වූ බවයි.

මේ අවස්ථාවේදී ඉන්දීය මාධ්‍යවේදියෙකු පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයාගෙන් නැගු ප්‍රශ්න කරමින් අසා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සරව් ගංගුලි ඔබට කුමක් පවසා සිටියා ද යනුවෙන් ය.

එම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට රමිස් රාජා විසින් මාධ්‍යවේදියා ගෙන් විමසා සිටියේ ඔබ කුමන රටක මාධ්‍ය ආයතනයක් නියෝජනය කරන්නේ ද යනුවෙන්.

එහිදී එම මාධ්‍යවේදියා පිළිතුරු දී සිටියේ තමන් ඉන්දීය මාධ්‍ය නාලිකාවක් නියෝජනය කරන බවයි.

ඒ අවස්ථාවේදී පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිඋත්තර දෙමින් අසා සිටියේ " දැන් ඉන්දියාවට සතුටුයි ද ?" කියායි. මේ අවස්ථාවේදී පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය මාධ්‍යවේදියාට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.