Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

එක්සත් ජාතීනුත් හෙළි කල ලංකාවේ ආර්ථිකය ඝාතනය කල පස් දෙනාගේ නම් මෙන්න

6756Views

 

 
 

 

 

රට අර්බුදයකට ඇද දැමීම සඳහා ‍කටයුතු කල කණ්ඩායමක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව නිදහස ජනතා සභාව අවධාරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව සඳහන් කලේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී පැවති හමුවකදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා දැක්වූ අදහස් පහතින්

“UN එකෙත් කියන්නේ මෙතන පළමු වතාවට මේ ඈත ගම්වල පෝලිම්වල ඉන්න මිනිස්සු ඉන්නේ චේතනාන්විත අපරාධයක් හින්දා කියලා. ඒක කවුද නිර්මාණය කළේ කියන එක හොයන්න ඕනේ කියලා.

මේ රිපෝට් එකේ පැහැදිලිව නම් 5ක් මතු කරලා තිබෙනවා. ආචාර්ය පී.බී. ජයසුන්දර, මහාචාර්ය ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල මහතා, අජිත් නිවාඩ් කබ්රාල් සහ ඒ වෙලාවේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මේ නම් සියල්ලම ඉතා පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. අපි මේක අතඅරින්න ලෑස්ති නැහැ.”