Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ආසියානු කුසලානය පිටුපස මහේල ගේ නිහඩ මෙහෙවර

3233Views

 

 
 

 

 

මෙවර ආසියානු කුසලානය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් සකස් කිරීමේදී පුහුණුකරුවන්ට අමතරව හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන විශාල කාර්ය භාරයක් ඉටු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමක් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය මෙන්ම තරගයකට අවතීර්ණ විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන සැලසුම් සකස් කිරීමේදී මහේල ජයවර්ධනගෙන් ලැබූ සහයෝගය අතිමහත් බවයි.

මේ වන විට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් තුල එකමුතුකම කැපී පෙනෙන සේ ඉහළ ගොස් තිබීමට ඇති කරුණ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ට මෙන්ම සියලුම ක්‍රීඩකයින්ට එකහා සමාන ලෙස සැලකීමට පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා කටයුතු කිරීම තුලින් කණ්ඩායම නව තලයකට පැමිණ ඇති බවයි.

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමෙන් පසුව දෙවන පෙළක් ගොඩනැගීමට කටයුතු කළ බව පැවසූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ඉදිරි වසර 02ක වසර 04 සහ වසර 10ක් යන තෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයින් බිහි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කොට අවසන් බවද කියා සිටියා.

මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනති පෙරේරා ශල්‍යකර්මවලට භාජනය වීමෙන් පසුව සුවය ලබමින් සිටින බවත්, ක්‍රීඩකයින් අබාධ වලට ලක්වීමෙන් පසු නැවත තරග වීමට පිවිසීමට ගතවන කාලය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවද තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.