Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මල්ෂා හසුවුන පුවත බොරු ! හිත රිදුනු හරීන්ගෙනුත් වෙනම පැමිණිල්ලක්

5014Views

 

 
 

 

 

ජීවන් කුමාරතුංග මහතාගේ දියණිය වන මල්ෂා කුමාරතුංග කුෂ් මත්ද්‍රව්‍ය සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට හසුවී ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

අදාළ පුවත පළකර ඇති සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 02ක් ඇය සතුව තිබී ඇති බවත්, එම අවස්ථාවේදී ඇය බේරා ගැනීමට ඇමැති හරින් ප්‍රනාන්දු මැදිහත්ව ඇති බවත් එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි.

එදින තමා සිටියේ නිවසේ බවත් එම අසත්‍ය වාර්තා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බවත් මල්ෂා කුමාරතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

මේ අතර සමගි ජන බලවේගයේ කණ්ඩායමක් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිදුකර ඇති අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක සහ ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු දිවුරුම් ප්‍රකාශයක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරමින් ඊයේ (14 වැනිදා) ඉල්ලා තිබේ.

සමගි ජන බලවේගයේ වෘත්තීන්ගේ වට්ස් ඇප් සමූහය (Professional Group SJB) ඔස්සේ එම අසත්‍ය ප්‍රචාරය සිදු කර ඇතැයි එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ය.


උපුටා ගැනීම
අරුණ පුවත්පතින්