Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

Birth day boy ට ලැබෙන අපූරු තෑග්ග

903Views

 

 
 

 

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය වෙනුවෙන් නැමීබියාවේ සිට ඉන්දියාවට චීටාවන් විසි දෙනෙකු ලැබීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව. එළැඹෙන සැප්තැම්බර් 17 වැනි දා අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය සැමරීම සඳහා චීටාවන් 8 දෙනෙකු නැමීබියාවේ සිට ඉන්දියාවේ Jaipur ගුවන් තොටුපොල වෙත පැමිණීමට නියමිත අතර, තවත් 12 දෙනෙකු ඔක්තෝබර් 10 වැනි දා  පැමිණීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මානව සංවර්ධනය හා දඩයම් කිරීම හේතුවෙන් චීටාවන් 1952 දී පමණ ඉන්දියාවෙන් වඳවී ගොස් තිබෙනවා.

එළැඹෙන සැප්තැම්බර් 17 වැනි දා ලැබෙන මෙම චීටාවන් වයස අවුරුදු හතරත් හයත් අතර ගැහැණු පස් දෙනෙකු සහ පිරිමි තිදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම චීටාවන් මාසයක නිරෝධායනයකට ලක් කිරීමෙන් අනතුරුව කුනෝ-පල්පූර් ජාතික වනෝද්‍යානය වෙත අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.