Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

රැජිනට තනි රැක්ක ආරක්ෂකයා සජීවී විකාශය නැවත්තුව හැටි (VIDEO)

2834Views

 

 
 

 

 


දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා දීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර ඇති අතර ඔහු වෙනුවට නව ආරක්ෂකයෙක් එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා යොදවා තිබෙනවා.

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය ආරක්ෂා කිරීම  රාජකීය ආරක්ෂකයින් සහ රාජකීය හමුදා කණ්ඩ වෙත භාරවී තිබෙන අතර ආරක්ෂකයා ක්ලාන්ත වී ඇද වැටීමෙන් පසු බී.බී.සී පුවත් සේවයේ සජීවී විකාශයද මිනිත්තු කිහිපයකට නතර කර තිබෙනවා.

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට එළඹෙන 19 වෙනිදා තෙක් පැය 24 පුරා ඉඩ සලසා ඇති අතර ආරක්ෂකයින් පැය 6 බැගින් සේවා මුරවල රාජකාරි කටයුතු සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.