Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

විශ්ව ශක්තියෙන් දරුවෙකු දෙන බවට බය කොට ලාබාල දැරියට හදි කල කපුවා මාට්ටු වෙයි

1469Views

 

 
 

 

 

විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන වෛද්‍යායතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් අසභ්‍ය දර්ශන නැරඹීමට ලබා දී බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනාවා.

ඔහුගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නොබැලුවහොත් ඇයට විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කර තිබෙන අතර  වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී බලහත්කාරයෙන් මෙම අතවරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම පුද්ගලයා අදාළ දැරියට වසර දෙකක කාලයක් තිස්සේ මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.