Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

යොහානි බොලිවුඩය කලඹයි

2950Views

 

 
 

 

 

කෙටි කාලයක් තුළදී  සංගීතයෙන් ලොවක් අමන්දානන්දයට පත්කෙරු යොහානි ද සිල්වා නැවතත් බොලිවුඩය පුරා ජනප්‍රිය චරිතයක් වී තිබෙනවා.

ඒ බොලිවුඩය පුරා රැව්පිළිරැව් දුන් ගීතයක් බවට පත්වූ "මැණිකේ මගේ හිතේ ගීතය" අඩංගු කර නව සිනමා නිර්මාණයයක්  නිෂ්පාදනය කිරීම නිසා.

මෙම චිත්‍රපටයට ඇතුලත් කර ඇති මෙම ගීතයේ කොටස් සිංහලෙන් සහ හින්දියෙන් ගයනා කරනු ලබන අතර අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

මෙම නව සිනමා නිර්මාණය වන ‘තෑන්ක් ගෝඩ්’ ඔක්තෝබර් 25 වනදා සිට තිරගත වීමට නියමිව ඇති අතර චිත්‍රපටයේ ගීතය කොටස් අද (16) දින අන්තර්ජාලයට නිකුත් කර  තිබුනා.