Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

වලක් කපලා ඊට උඩින් වැලි පුරවලා මාතලේ බීච් වොලිබෝලුත් ගහපු මිනිස්සු අපි

1453Views

 

 
 

 

 

මෙරට ක්‍රීඩාව නගා සිටුවීම සඳහා තමන් නිරන්තරයෙන් කැප වෙන බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසනවා.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දැල්පන්දු ක්‍රිඩිකාවන් පිළිගැනීමට තමන්ට අයිතියක් ඇති බවයි.

මාතලේ ප්‍රදේශයේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට තමන් කටයුතු කළ බව සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එක් අවස්ථාවක බීච් වොලි බෝල් තරඟාවලියෙන් දිවයිනේ පළමු තැන හිමි කර ගැනීමටද මාතලේට හැකි වූ බවයි.

ඔවුන් පුහුණුවීම් සිදුකලේ වලක් කපාගෙන ඊට උඩින් වැලි පුරවාගෙන බවයි ඔහු කියා සිටියේ.