Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

දුම්රිය බලධාරීන් පිස්සු නටයි ! මුහුදුබඩ මාර්ගයේ මගීන් මැදියම් රැයේත් දුම්රිය ස්ථානවල

974Views

 

 
 

 

 

දුම්රිය බලධාරීන්ගේ සැලසුමක් නොමැති ක්‍රියා පිලිවෙත හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා මගීන් විශාල පිරිසකට ඊයේ රාත්‍රියේ  දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වුණා.

ඒ කොටුව සිට අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා රාත්‍රී 9.30ට ගමන් ගන්නා දුම්රිය පැය දෙකහමාරකට අධික කාලයක් ප්‍ර්මාද වී ධාවනය වීම හේතුවෙන්.


එම දුම්රිය ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්වූ දුම්රිය මැදිරි නිසි සැලසුමකින් තොරව පීලිගත කිරීමට ක්‍රියා කිරීමයි. මගීන් චෝදනා කලේ රාත්‍රී කාලයේ ධාවනය වන අවසන් දුම්රිය ධාවනය කිරීමට පෙර පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරි පීලිගත කිරීමට සැලසුමකින් තොරව ගනු ලැබූ තීරණය මීට හේතු වු බවයි.


දින තුනකට පෙර පීලි පැනීමට ලක්ව එය යථා තත්ත්වයට පත්කර ගත නොහැකි පිරිසක් පැයකින් පමණ එවැනි ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ දැරීම විහිලු සහගත බවද මගීන් පෙන්වා දුන්නා.

අලුත්ගම දක්වා ධාවනය වන රාත්‍රී අවසන් දුම්රිය ප්‍රමාද වන බව දැනුම් දීමකින් තොරව ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබූ අතර කොපමණ වේලාවක් දුම්රිය ප්‍රමාද වනවාද යන්න පාලක මැදිරිය දුම්රිය ස්ථාන වෙත දැනුම් තිබුණේ නැහැ. මේ හේතුවෙන් කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙගිවල ආදී මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද දැඩි අපහසුතාවන්ට ලක්වූ බවයි වාර්තා වුණේ.


කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමට දින තුනක් ගතවීම සම්බන්ධයෙන්ද මගීන් තුල ඇත්තේ දැඩි අප්‍රසාදයක්.

ඊයේ උදෑසන සහ පස්වරුවේ මුහුදු බඩ මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබුණු දුම්‍ රිය කිහිපයක් අවලංගු කිරීමටද එය හේතු වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මගීන්ට නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට දුම්රිය බලධාරීන් වගකීමෙන් යුතුව ක්‍රියා කලේ නැහැ.