Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

කන්න බොන්න දීලා රැක බලාගන්න තාත්තගෙන් ලක්ෂ දෙකක් ඉල්ලපු අබුද්දස්ස කාලේ අමුතු දුවලා හත් දෙනා

1203Views

 

 
 

 

 

තමන්ව රැක බලා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් 82 හැවිරිදි පියකු පිහිටක් පතා පාදුක්ක පොලිසියට පැමින තිබෙනවා.
 
තමාට  දියණියන් හත්දෙනෙකු සිටින බවත් ඔවුන් කිසිවකු තමා රැකබලා නොගන්නා බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

ඒ අනුව අදාල පියාගේ දියණියන් හත් දෙනාව පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා  එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වී තිබෙනවා.

දෙමව්පියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස පවසා  සිටියද එම දියණියන් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

පියාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත්ය.

තවද ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටියදි බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බවද පවසා තිබෙනවා.

පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පවසා තිබෙනවා.

පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසනවා.

උපුටා ගැනීම
කේ බුද්ධික කුමාරසිරි (ලංකාදීප පුවත්පතින් )