Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

අවුරුදු දහයකදී ජනාධිපති කොමිෂන් සභා සඳහා කෝටි 54ක් වැය කරපු අරුම පුදුම රටක්

406Views

 

 
 

 

 

පසුගිය අවුරුදු දහයක කාලසීමාවේදී ජනාධිපති කොමිෂන් සභා සඳහා පමණක් කෝටි 54ක්  වැය කර ඇති බව වාර්තා වෙනවා.

මෙම කොමිෂන් සභා සඳහා පොදු වැය විෂයක් යටතේ 2012  වර්ෂයේ සිට 2022 වර්ෂයේ ජුනි මස 30 දක්වා මෙම මුදල වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ පළමු මාස හය සඳහා පමණක් රුපියල් ලක්ෂ 249කට අධික මුදලක්  වැය කර ඇති අතර  සෙසු වර්ෂයන්ට සාපේක්ෂව පසුගිය වර්ෂයේදී ජනාධිපති කොමිෂන් සභා 02ක් සඳහා පමණක් රුපියල් කෝටි 12කට අධික මුදලක් වැය කර තිබෙනවා.