Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

"සුබ ගමන් ආත්තම්මේ" රැජිණට විශේෂ ලිපියක්

1968Views

 

 
 

 

 

දෙවන එලිසබෙත් මහා රැජිනගේ  වියෝව සම්බන්ධයෙන් ලැබුණු ලිපියක් බකිංහැම් මාලිගය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

එය මහ රැජනගේ දෙවැනි පුතුවූ ඇන්ඩෲ කුමරුගේ දියණියන් දෙදෙනා වන බ්‍රියටිස් සහ එයුජින් කුමරියන් විසින් රැජිනගේ වියෝව සම්බන්ධයෙන් Dear Grannie' යනුවෙන් ලියු ලිපියක් බවයි වාර්තා වෙන්නේ.

එම ලිපියේ සදහන් කර තිබුනේ මෙවැන්නක්

" ඔබ හැමදාම මෙහි සිටියැයි බොහෝ දෙනා වගේ අපිත් සිතුවා. අපිට ඔබ නැතිවීම දැඩි පාළුවක්. ඔබ අපගේ මාතෘ මූලිකයා වෙමින් ඔබේ ආදරණීය අත අපේ පිටුපසින් තබමින් මේ ලෝකය පියමං කිරීමට අපට මාර්ගෝපදේශය දුන්නා. ඔබ අපට බොහෝ දේ කියා දුන්නා. අප ඒ පාඩම් වලින් සතුටු වූ අතර ඒ මතය හැමදාම තියෙනවා. දැනට ආත්තම්මේ ඔබට ස්තුතියි කියන්නයි අපට ඕනේ.

ඔබ වෙනුවෙන් කම්පා වන හා ප්‍රශංසා නගන ලෝකය ඔබගේ මුවට සිනහ රැල්ලක් නභාවී. ඔබ විශිෂ්ට නායකයකු බව ඒ සැම දෙයින් ඔප්පු වෙනවා.

ඔබ සීයා සමඟ එක්වීම ගැන අපි ඉතා සතුටට පත්වනවා. සුබ ගමන් ආත්තම්මේ, අපි ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබගේ මිනිබිරියන් වීම අපට මහත් ගෞරවයක් "

උපුටා ගැනීමකි
මවුබිම පුවත්පතින්