Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

අම්මාගේ ගිණුමෙන් ලක්ෂ ගණන් සල්ලි ඇද ඔන්ලයින් ගේම් ගහපු සිසුවා

1451Views

 

 
 

 

 

අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ සිසුවෙක් මවගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත වූ පුවතක් රක්වාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි සිසුවා රත්නපුර ප්‍රසිද්ද පාසලක ඉගෙනුම ලබන අතර පසුගිය දිනවලදී අන්තර්ජාල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට ජංගම දුරකථනයක් ලබා දී තිබෙනවා.

මෙම සිසුවාගේ මව රජයේ කාර්යාලයක සේවය කරන අතර, පියා ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වෙන්නේ .

එම සිසුවා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවට අන්තර්ජාල ක්‍රීඩාවලට හුරුවී ඇති අතර  මවගේ නමින් එක්තරා බැංකුවක තිබූ ගිණුමට අදාළව මව විසින් සිය පුතුගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී තිබෙනවා.

මේ හේතුවෙන් ඇයගේ බැංකු ගිණුමේ සියලු දත්ත පුතාගේ දුරකතනයට ලැබී ඇති අතර අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත සිසුවා මවගේ ජංගම ගිණුම උපයෝගි කරගෙන ටික කලක් එලෙස අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.

මේ කිසිවක් නොදත් මව පසුගිය දිනක මුදල් ලබා ගැනීම සදහා බැංකුවට පැමිණි පසු සිය ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක් අඩු බව එහිදී දැනගත් මව ඒ පිළිබඳ බැංකුවට පැමිණිලි කර ඇති අතර  බැංකුව විසින් එම ගිණුම සියුම්ව නිරීක්ෂණය කිරීමේදි දරුවා විසින් මවගේ බැංකු ගිණුමේ මුදල් උපයෝගි කරගෙන අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත වී ඇති බව තහවුරු වී ඇත.