Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ජනපතිවරු අගමැතිවරු බිහිකළ දකුණේ පාසල් 57ක උ.පෙළට ඉන්නේ එක සිසුවයි

652Views

 

 
 

 

 

උසස් පෙළ පංතිවල එක් දරුවෙකු පමණක් ඉගෙනුම ලබන පාසල් 57ක් දකුණු පළාතේ තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා  පවසනවා.

එම පාසල් වල එක් දරුවෙකු වෙනුවෙන් උසස් පෙළ පංතියක් පවත්වාගෙන යන අතර ඉගෙනුම් ක්‍රියාවලිය සදහා ගුරුවරුන් හය දෙනෙකු යෙදවීමට සිදුවී ඇති බව ආණ්ඩුකාර වරයා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පාසල් දරු දැරියන්ටද අසාධාරණයක් නොවන පරිදි එම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වලට යොමුකිරීමට කටයුතු කළ යුතුව ඇති බවත් අධ්‍යාපනය සඳහා ඇති භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගතයුතුව ඇති අතර ගුරු තුලනයක් ඇති කළයුතුව ඇති බවද ආණ්ඩුකාරවරයා පවසනවා.

එමෙන්ම දකුණු පළාතේ පාසල් දරුවන් 20 හා 30 අතර සිටින පාසල් 300ක් පමණ තිබෙන අතර ඒ ආසන්නයේ ඇති පාසල් සම්බන්ධ කරගෙන එම පාසල්ද සංවර්ධනය කළ යුතුව ඇති බවද පවසන්නේ.

උපුටා ගැනීම
දිවයින පුවත්පතින්