Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

V8 පදින හාමුදුරුවරුන්ට සහන නොදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක්

888Views

 

 
 

 

 

පන්සල් වල විදුලි බිලට සහන ලබා දෙනවිට සුපෝකභෝගි වාහන තිබෙන හාමුදුරුවරුන්ට සහන ලබා නොදී දුෂ්කර පන්සල් සදහා සහන ලබා දෙන ලෙස  කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර වෙල්ගම සදහන් කර සිටියේ මෙවැන්නක්

" පන්සල් ගැන කතා කරනකොට දැන් අද පන්සල් ගැන ලොකුවටම කතා කරන්නේ  V8 එකෙන් යන හාමුදුරුවෝ , පොඩි හාමුදුරුවන් ගැන කතා කරනවා ඇති නමුත් ආණ්ඩුවක් එනකොට සමහර හාමුදුරුවන් ඉන්නවා එයාලා තමයි ඉදිරියට එන්නේ. එයාල එනවා,යනවා, මම ලොකු පන්සල් ගැන කතා කරන්න යන්නේ නෑ. නමුත් පොඩි පන්සල් වලට දෙනකොට සියට හතරේ පොලියට දෙන්න "