Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මිහිදන් වූ රැජිණගෙන් දකුණු අප්‍රිකානුවෝ , හොරකම් කල දියමන්තිය ඉල්ලති

2685Views

 

 
 

 

 

දෙවන එලිසබෙත් රැජිනගේ මරණයෙන් පසු, රැජිනගේ කිරුළ අලංකාර කිරීම සදහා සවිකර තිබෙන දියමන්ති කිහිපයක් ආපසු තම රටට ලබා දෙන ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දියමන්තිය නැවත දකුණු අප්‍රිකාව වෙත ලබා දෙන ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලට මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ එරට දේශප්‍රේමී සංවිධානයක් බවයි වාර්තා කරන්නේ.
.
1905 වසරේ දී  දකුණු අප්‍රිකානු දියමන්ති පතලකින් හමුවූ මෙම දියමන්තිය ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හදුන්වන අතර එය අප්‍රිකාවේ යටත් විජිත සමයේ පාලකයන් විසින් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට භාර දී තිබෙනවා.

දැනට එය රැජිනට අයත් රාජකීය යෂ්ටියක සවි කර ඇති අතර මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම හා දුර්ලභ දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වන බවයි වාර්තා වෙන්නේ.

මෙම  දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව  බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවත් එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා කර තිබෙනවා.

දියමන්තිය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා change.org හි ඔන්ලයින් පෙත්සමක් දියත් කර ඇති අතර එයට පුද්ගලයින් 6,000 කට වැඩි පිරිසක් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.