Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

තනි තටුවෙන් පියාඹන්න හදන දුම්රිය බලධාරීන් මගීන් වැට උඩ හාන්සි කරවපු හැටි

1403Views

 

 
 

 

 

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පසුගියදා සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය තවමත් දිගින් දිගටම ප්‍රමාද වී ධාවනය කිරීමෙන් දුම්රිය මඟීන් විශාල අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. මුහුදු බඩ දුම්රිය මාර්ගය එක් දුම්රිය මංතීරුවකට පමණක් සීමා වීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය ස්ථාන විශාල සංඛ්‍යාවක මඟීන් සිය දෛනික අවශ්‍යතා සඳහා නිසි වේලාවට පිටත්ව යාමට නොහැකිව සිටින බව ද වැඩි දුරටත් සඳහන්.

මඟීන්⁣ ප්‍රශ්න කරන්නේ දුම්රිය සේවයේ පවතින අකාර්යක්ෂමතාවය සහ දුර්වල තීරණ ගැනීමේ තත්වයන් දිගින් පැවතියත් පාලන අධිකාරිය සහ බලධාරීන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගැනීම විමතියට කරුණක් බවයි.