Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

දවල්ට කන්න කළටි පොල් ගෙනා කොළඹට අල්ලපු වැටේ සිසුවියගේ සංවේදී කතාව

4994Views

 

 
 

 

 

පාසැලේ දිවා ආහාරය සදහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ සිසුවියක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ පාසැලකින් තොරතුරු වාර්තා වෙනවා.

ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියක් වන අතර  ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරනු ලබනවා.

එම පාසැලේ දිවා විවේක අවස්ථාවේ අනෙකුත් ශිෂ්‍යයන් සමග මෙම ශිෂ්‍යනායිකාව ද ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී තිබෙන්නේ.

ස්ථීර රැකියාවක් නෙැමිති අගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර , මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගෙන සිටින බවයි වාර්තා වෙන්නේ.

ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කීප දෙනෙකු ද සිටිනවා.

මෙම සිද්ධියෙන් පසුව පාසැලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කීපයක්  සකස් කර ගෙන පැමිණ එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

( කටුනායක ටී.කේ.ජී.කපිල  )