පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතුරුදන්ව සිටියේ අංජන කුලතුංග සිසුවාගේ මළ සිරුර ඊයේ සවස සොයා ගැනුණා.
ඔහු විසින් ලිපියක් ලියා තබා සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරන අතර එම ලිපියේ සඳහන් බව පැවසෙන කරුණු කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙනවා.
"දැන් වෙලාව රෑ අටයි.තව පැය බාගයක් ඇතුළත කවුරු හරි මුණ ගැහිලා බාධාවක් වුනේ නැතිනම් මම මහවැලියේ ඉඳී "
යනුවෙන් එහි සඳහන් වී තිබෙනවා.
ඔහුගේ ජංගම දුරකථනය,ලැප්ටොප් යන්ත්‍රය සහ මුදල් පසුම්බිය නවාතැන් පොළේ තිබී හමු වී ඇති අතර පොලිසිය සහ ඔහුගේ මිතුරන් දින කිහිපයක් තිස්සේම මහවැලි ගඟ දෙපස පරීක්ෂා කිරීම් සිදු කරනු ලැබූවා.