කිලිනොච්චි,විශ්වමඩු හි කන්නගිනගර් ගම්මානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ, පුන්නේනිරාවී හා කන්නගිනගර් යන ප්‍රදේශ දෙක අතර ඇති වූ ප්‍රේම සබඳතාවක් මුල්කරගෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම උණුසුම් තත්ත්වය පාලනයට ධර්මපුරම් පොලිසිය පාලනය කිරීමට නොහැකිව අහසට වෙඩි තැබීම් ද සිදු කර ඇති බව වාර්තා වෙනවා.
මෙම කළහකාරී තත්ත්වය ඊයේ දිනයේදිත් න්නෙයිනිරාවි ප්‍රදේශයේදි ඇති වී තිබූන අතර එහිදී එම වැසියන්ට පහරදීමක් ද සිදුව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් තම ආරක්ෂාව සඳහා හමුදා සහාය ලබාදෙන ලෙස කත්තගිනගර් ප්‍රදේශවාසීන් ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.