Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ක්‍රිකට් පොතට කලු පැල්ලමක් තවරා ඉන්දීය ක්‍රීඩිකාවෝ ජය පැන් බොති

5298Views

 

 
 

 

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

ඒ අනුව තරඟාවලියේ තරඟ තුනම ජයගත්තේ ඉන්දියාව විසින්.

කෙසේ වෙතත් මෙහිදී සිදු වූ සිදුවීමක් පිළිබඳව ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අවධානය යොමුවූවා.

ඒ පන්දු 39 කදී ලකුණු 17 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවේදී ඉන්දීය පන්දු යවන්නා විසින් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුල්ල දවා ගත් ආකාරයයි.

එහිදී පන්දු යවන්නියගේ දිසාවේ සිටි එංගලන්ත ක්‍රීඩිකාව ,ඉන්දීය පන්දු යවන්නිය පන්දු යවන අවස්ථාවේදී සිය සීමාවෙන් ඔබ්බට අඩි කිහිපයක් ඉදිරියට පැමිණෙනවා.

එහිදි එකවරම නැවත හැරී ගොස් ඇගේ කඩුල්ල බිඳ දැමීමට පන්දු යවන්නිය කටයුතු කරනු ලැබූවා.

ක්‍රිකට් නීති රීති වල කෙසේ සඳහන් වුවද   මෙම සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට කලු පැල්ලමක් එක් කල සිදු වීමක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

සාමාන්‍යයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවැනි වංච සහගත ක්‍රියාවන්ට නම් දරා සිටිනුයේද අද ඊයෙක සිට නොවේ.

මෙවැනිම වූ අවස්ථාවකට මීට පෙර එංගලන්ත ජාතික කණ්ඩායම මුහුණ දුන් අතර එවර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් කඩුල්ල බිඳ හෙළීමට පෙර ,එක් අවස්ථාවක පිතිකරුට අනතුරු හඟවා තිබීම විශේෂත්වයක්.