Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

අර්බුදය හමුවේ පාර්ලිමේන්තු කෑම වේලේ මිලත් ඉහලට

676Views

 

 
 

 

 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා  මාධ්‍යවේදියෙකු සඳහා ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ද පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක මිල රුපියල් 50කින් ද ඉහල දමා තිබෙනවා.

මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නව ආහාර වේලක මිල රුපියල් 300ක් වන අතර මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක නව මිල රුපියල් 150ක් වන බවයි වාර්තා වෙන්නේ.