Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇප ලබාගන්න නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි ජැකලින්

4457Views

 

 
 

 

 

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ට ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ  ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත බවයි වාර්තා වෙන්නේ.

රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාල නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුනා.

ඇය අධිකරණය වෙත අද පෙනී සිටීමට පැමිණියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.