Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

රටම කම්පා කරමින් හෝකන්දරින් අජාසත් පුතෙකු බිහිවෙයි

3846Views

 

 
 

 

 

පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි 28 හැවිරිදි සැකකාර පුතුව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මවට සහ පියාට පහරදී අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා තිබෙනවා.

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක මෙම සිදුවීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මවගේ අතකට බරපතළ තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසනවා.