Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩොලර් නැති රටට අයි.සී.සී.යෙන් ඩොලර් ගෙන්න මේ පින් බිමේ පුතුන්ට වෙර වීරිය ලැබේවා

1354Views

 

 
 

 

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය පිළිබදව (අයි.සී.සී.) නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පවසනවා.

එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 29 කට අධික ත්‍යාගයක් හිමි වන බව ද අයි.සී.සී. වැඩි දුරටත් සඳහන් කරයි.  

ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා මෙම තරඟාවලිය ආරම්භවීමට නියමිතව තිබෙනවා.

පළමු වටයේ සුදුසුකම් ලැබීමට අපොහොසත් වන කණ්ඩායම් හතරට රුපියල් ලක්ෂ 30 (ඩොලර් 40,000) පමණ ත්‍යාග මුදලක් හිමි වේ. පළමු වටයට සහභාගි වන කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව්ගිනියාව සහ ස්කොට්ලන්තය ඇතුළත් වෙනවා.

සුපිරි 12 අදියරේදී තරගාවලියට එක්වන කණ්ඩායම් 8 වන්නේ ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන්.