Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

මද පමණට ගත්තෝ මද පමණින් අඩුවෙති

2159Views

 

 
 

 

 

මත්පැන් මිල අවස්ථා කිහිපයකදී ඉහල යාම හේතුවෙන් ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වා කාලය තුල මසකට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් මත්පැන් අලවිය අඩුවී  තිබෙනවා.

සුරා බදු කොමසාරිස් ජනරාල් ඒම්.ජි ගුණසිරි පැවසුවේ මෙමගින් දෛනිකව මහා භාණ්ඩාගාරයට මිලියන සියයක පමණ මුදලක් අහිමි වී ඇති බවයි.

කෙසේවෙතත් 2022 වසරේ සුරාබදු අදායම ඉලක්කය රුපියල් බිලියන 185ක් වන අතර එම මුදලින් රුපියල් බිලියන 90ක මුදලක් ඉකුත් ජුනි මාසය වනවිට රජයට ලබාදීමට හැකිවී ඇති බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කලේ.

මේ අතර ලෝක සෙෳඛය සංවිධානය මෙරට මත්පැන් පාරිභෝජනය සම්බන්ධයෙන් එළිදක්වා තිබෙන ගෝලීය දත්ත වාර්තාවට අනුව මෙරට මත්පැන් පාරිභෝජනයෙන් සියයට 37ක් නීතිවිරෝධී මත්පැන් බව හදුනාගෙන තිබෙනවා.