Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

කෝටි ගණන් මුදල් ගැරූ අනංගයා දැලට හසුවුණ හැටි

1680Views

 

 
 

 

 

විවිධ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන්ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (2 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, උඩුගම්පොළ පදිංචි ආල් බොරුගේ නරේෂ් නිශාන්ත දාබරේ නමැති 41 හැවිරිදි අයෙකි.

දිවයින පුරා වෙසෙන කාන්තාවන් රැසකගෙන් ඔහු මුදල් වංචා කර ඇත්තේ විවාහ කරගන්නා බවට පොරොන්දු දෙමින් බව හෙළි වී ඇත.

මෙම සැකකරු ‘රාහුල ජයසිංහ’ නමින්ද පෙනී සිට තිබේ. හෝමාගම ප්‍රදේශයේ කාන්තාවකගෙන් සැකකරු රුපියල් විසිපන් ලක්ෂ හැටදහසක මුදලක් ලබාගත් බවට හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඊට අදාළ විමර්ශන ආරම්භ කිරීමේදී පානදුර, හිරණ ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම කතගෙන් සැකකරු එම මුදල ලබාගෙන ඇත්තේ විවාහ වීමෙන් අනතුරුව පදිංචිවීමට නිවසක් මිලදී ගැනීමට බව පවසමිනි.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම් පිළිබඳ පැමිණිලි රැසක්ද සැකකරුට එරෙහිව ලැබී ඇතැයි පොලිසිය පැවැසීය.

මෙම සැකකරු විසින් සති අන්ත පුවත්පත් රැසක මංගල යෝජනා තීරයේ දැන්වීම් පළකර තිබේ.

මනාලියන්ගේ තීරයේ පළවූ වයස 40ට වැඩි කතුන්ගේ දැන්වීම්වලටද ඔහු ප්‍රතිචාර දක්වා තිබිණි.

එම සැකකරු අද (3 වැනිදා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපුට ගැනීමකි
හේමන්ත ලියනපතිරණ (අරුණ පුවත්පතින් )