Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

දිවුරන්න ගිය ඉලෝන් මස්ක් නිසා සේවකයෝ වැඩ වරන්න යති

3139Views

 

 
 

 

 

 

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වෙනවා.

ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා Elon Musk විසින්  එම සමාගමේ සේවකයින් වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරමින් මේ බව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත දන්වා ඇත්තේ මෙවැන්නක්

කාර්යාල වසා දැමුනද නැවත ලබන සඳුදා කාර්යාල  විවෘත කරන බවත් විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙසද සමාගමේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

තවද “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතුයි  නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතුයි"  බවත් වැඩි දුරටත් සදහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Elon Musk ට්විටර් භාර ගැනීමෙන් පසු හදිසියේම කාර්යාල වසා දැමූ දෙවන අවස්ථාව මෙය වෙනවා.