Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ආදරනීය බව්වා නිසා පොලිසියෙත් හිත උණු වුන හැටි

1828Views

 

 
 

 

 

 

සුනඛයෙකු නිසා සිරගතකර සිටි පුද්ගලයෙකුට නිදහස ලැබුණු පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පණිවිඩය මත වහාම ක්‍රියාත්මක වූ බුලත්සිංහල පොලිසිය විමර්ශන කටයුතුවලින් අනතුරුව එම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව රඳවා සිටි කුටිය අසල සුනඛයෙකු වැතිරි සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් එම සුනඛයාව එලවා දැමීමට කටයුතු කලත් නැවත වරක් සුනඛයා සිරමැදිරිය අසලටම පැමිණ වැතිරි සිටිය බවයි පොලිසිය සදහන් කර සිටියේ.
 
පසුව මේ පිළිබඳව සොයා බැලීමෙදී හෙලිවුයේ මීට සුලු මොහොතකට පෙර සිර ගත කල පුද්ගලයාගේ නිවසේ ඇති දැඩි කල "බිංදු " නැමති සුනඛයා කිලෝමීටර් එකටත් වඩා අධික දුරක් ගේවා ජීප් රථය පිටුපසින් පැමිණ වැතිරි සිටිය බවයි.  .

පසුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලදාරින් විසින් මෙම පුද්ගලයාට දැඩි ලෙස අවවාද කොට ඇප මත මුදාහැර තිබෙනවා.