Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ක්‍රීඩාංගනයම සිසිල් කරන්නට කටාරය යොදාගත් තාක්ෂණය

3993Views

 

 
 

 

 

 

මෙවර පාපන්දු ලෝක කුසලානය පවත්වනු ලබන කටාර් රාජ්‍යයේ පවතින අධික  උෂණත්වය හේතුවෙන් ලොව නන් දෙසින් පැමිණෙන පාපන්දු ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ සුවපහසුව වෙනුවෙන් ක්‍රීඩාංගන ඇතුලත සිසිල් කිරීමෙන් ක්‍රමවේදයක් භාවිතා කරනු ලබනවා.

ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කර ඇති ක්‍රීඩාංගන 8 න් 7ක්  මෙම තාක්ෂණය භාවිතා කර ක්‍රීඩාංගනයම සිසිල් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහි පුරෝගාමියා වන්නේ ආචාර්ය සෞද් අබ්දුල්ලයිස් අබ්දුල් හෙවත් Dr.Cool මහතායි.

මෙහි භාවිතා වන්නේ Spot cooling technology ක්‍රමවේදය වන අතර එහිදී ක්‍රීඩාංගනයේ අවශ්‍ය ස්ථානවලට පමණක් සිසිල් වාතය ලබා දීම සිදු කරනු ලබනවා.

ක්‍රීඩාංගණයේ සීතල වායු දහරා සංසරණය වී වතාශ්‍රය ෆිල්ටර් කරමින් ක්‍රීඩාංගනය දෙසට යොමු කරනු ලබන අතර සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 18-20 අතර උෂ්ණත්වයක් රඳවා ගැනීමට මෙම සිසිල් වාතාශ්‍රය සංසරණ ක්‍රමවේදය මගින් හැකි වෙනවා.

මේ සඳහා සූර්ය බලය භාවිතා කිරීම මගින් පරිසරය හිතකාමී බව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරා තිබෙනවා.