පසුගිය කාලය පුරාවටම ගුරුවරියන්ගේ නිල ඇඳුම බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණ අතර බොහොමයක් ගුරුවරුන් පවසා සිටියේ පාසලට ගැළපෙන සුදුසු ඇඳුමකින් රාජකාරි කිරීමට තමාට අවස්ථාව ලබා දිය යුතු බවයි.
මේ හා සමාන චක්‍රලේඛයක් පසුගිය කාලයේදී නිකුත් කෙරුණු අතර එහිදී කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට සුදුසු සහ තමන්ට පහසු ඇදුමක් හැඳ රාජකාරි කිරීමට අවසර ඇති බවයි.
ඒ අනුව අද සිට බොහෝ ගුරුවරියන් තමාට පහසු සහ සුදුසු ඇඳුමින් රාජකාරියට එක්ව සිටිනු දක්නට ලැබුනා.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මිට පෙර ප්‍රකාශ කොට තිබුනේ ගුරුවරියන්ට වඩා සුදුසු වන්නේ සාරිය බවත්ය.
එහෙත් ඔහුගේ ප්‍රකාශයට බොහොමයක් ගුරුවරුන් එකඟ නොවූ බවයි අද දක්නට ලැබුනේ.
මේ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන එවන් ඡායාරූප කිහිපයක් පහතින්.