Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ෆිෆා අතරතුර ජපනුන්ට ජම්මෙට වඩා පුරුද්ද ලොකුවෙයි

6527Views

 

 
 

 

 

ලෝක කුසලාන 2022 පාපන්දු තරඟාවලියේ පළමු තරඟය නැරඹීම සදහා පැමිණි ජපන් ජාතිකයන් ගැන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

පෙරේදා (20) ඉක්වදෝරය සහ කටාර් කණ්ඩායම අතර පැවති  පළමු තරඟය නැරඹීමට පැමිණ සිටි මෙම ජපන් ක්‍රීඩා ලෝලීන් තරඟය අවසන් වූ පසු ප්‍රේක්ෂකාගාරය පිළිවෙළකට සකස් කර තිබෙනවා.

මෙය ඔවුන්ගේ කණ්ඩායම තරඟ කරන තරඟයක් නොවුනත් ඔවුන් සිටිය ස්ථානය පිරිසිදු කිරීමට කටයුතු කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කටාර්හි සිටින පුද්ගලයෙකු ජපන් ජාතිකයන්ගෙන් විමසු අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ මෙවැන්නක්.

'ජපන් ජාතිකයින් කිසි විටෙකත් අප පිටුපස කුණු ඉතුරු නොකරයි, අපි එම ස්ථානයට ගරු කරමු. ජපන් සමාජයේ වැදගත් අංගයක් වන්නේ සෑම දෙයකම පිරිසිදු බව සහතික කිරීමයි. එය සියලු ක්‍රීඩා ඉසව්වල සහ පාපන්දු ක්‍රීඩාවේ ද එසේමය." බවයි.

මිට පෙර 2018 දී, පැවති අවසන් තරඟයේ අවසන් තත්පර කිහිපයේදී පැමිණ සිටි  ජපන් රසිකයන් ඔවුන් සිටිය ස්ථානය පිරිසිදු කර පිටව ගිය බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.